සමාජ මාධ්‍ය භාවිතය - ඉස්ලාමීය විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


වත්මන් ලොව තුල “සමාජ මාධ්‍ය” නැතුවම බැරි අංගයක් වී ඇත. ලොවපුරා විසිරී සිටින මිලියන සංඛයාත ජනතාව සමඟ තම අදහස් හා පණිවුඩ ක්ෂණිකව හුවමාරු කර ගැනීමේ හැකියාවත්, එය ඉහල ප්‍රමිතියෙන් යුතු වීඩියෝ, ඕඩියෝ හෝ පිංතූර... යනාදී බහුමාධ්‍ය බෙදා ගැනීමේ හැකියාවත් මෙසේ මෙම සමාජ මාධ්‍ය ජාලය ලොවපුරා සීඝ්‍රයෙන් ජනතා ආකර්ශනය දිනාගැනීමට හේතුවයි. මෙම සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරමින් කරන විද්වත් සාකච්චා සහ දැනුම බෙදා ගැනීම්, විනෝදාංශ ක්‍රියාකාරකම්, ව්‍යාපාර කටයුතු, අධ්‍යාපන කටයුතු, අනිකුත් වෘත්තියමය කටයුතු... යනාදීය නිසා මෙය අද අත්‍යඅවශ්‍ය සේවාවක් යැයි සිතෙන තැනට පත්ව ඇත. එහි සාමාජිකයින් අපේක්ෂා කරන පහසුකම්වලට වඩා පියවරක් ඉදිරියෙන් හිඳ තම සාමාජිකයින් මවිත කරවන සේවාවක් ලබාදෙන මෙම "සමාජ මාධ්‍ය" තම විෂය පථය දිනෙන් දින පුළුල් කරමින් මේ වනවිට ලොව තුල බලගතුම තැනක් හිමි කරගෙන ඇත. එහි බලගතු බව කොතරම්ද? යන්න පවසනවා නම්, රටක දේශපාලනය සහ එහි පාලකයා කවුද? යන්න තීන්දු කරන සාධකයක් තරමට එය අද බලවත් වී ඇත.

අප රටේ පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ #GotaGoHome දේශපාලන අරඟලවලය මොහොතේ මෙම සමාජ මාධ්‍ය ජාල අප රට තුල ඉටු කල කාර්‍යභාරය ශ්‍රී ලාංකීය අපට කදිම හා සමීපතම නිදසුනකි. අදටත් අප රටේ දේශපාලන ප්‍රවාහය තුල සැලකිය යුතු භූමිකාවක් මෙම සමාජ මාධ්‍ය ජාලය නියෝජනය කරන නිසාම මෙම සමාජ මාධ්‍ය ජාලය නියාමනය කරන්නත්, වාරණය කරන්නත් විවිධ කථිකාවන් පාර්ලිමේන්තු මට්ටමින් පවා සංවාදයට බඳුන් වෙන ආකාරය පුවත්පත් මඟින් අප දකින්නෙමු. අප රටේ පමණක් නොව මෙම සමාජ මාධ්‍ය ජාලය රටක ප්‍රජාතන්ත්‍රවාදයට බලපාන්නේ කෙසේද? යන්න පිලිබදව රටවල් 19 ක් මූලික කරගෙන PRC කල ගවේෂණයක් පෙන්වා දෙන්නේ “එම රටවල් 19 න් 57% ක් මෙම සමාජ මාධ්‍ය භාවිතය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් දෙයක්” ලෙස රටේ ජනතාව සලකන බවයි. (මේ පිලිබදව වැඩි විස්තර "Views of social media and its impacts on society" යන ලිපිය තුලින් කියවන්න.) මේ සියල්ල තුලින් පැහැදිලි වන්නේ මෙම “සමාජ මාධ්‍ය” රටක රාජ්‍ය පාලනය තුල පමණක් නොව සෑම සියළු ක්ෂේත්‍රයකම තීරණාත්මක භූමිකාවක් නියෝජනය කරන බව නොවේද?.

මේ ආකාරයට වත්මන් සමාජයේ සෑම සියළු ක්ෂේත්‍රයක්ම වෙලාගෙන සිටින බූවල්ලෙකු බඳු වූ (Facbook, Instagram, Snapchat, TikTok, Youtube, WhatsApp, Viber, Telegram… යනාදී එකී නොකී නම්වලින් සමන්විත) “සමාජ මාධ්‍ය ජාලය” අද මුළු විශ්වයම වෙලාගෙන එය එක් ඇඟිලි තුඩු අගට ගෙනවිත් ඇත. මෙලෙස විශ්වයම ඇඟිලි තුඩු අගට ගෙන ආ "සමාජ මාධ්‍ය" ලොව තිබෙන හොඳම දෑ සිට නරකම දෑ දක්වා සියල්ල අපගේ ඇඟිලි තුඩගට ගෙනවිත් Click එකක් දුරින් ඔබේ තීන්දුව තීරණය සදහා තබා ඇත. නමුත් අවාසනාවකට ඒ තුල යහපත සොයනවාට වඩා අයහපත සෙවීමත් එය විඳීමත් පහසු කොට ඇත. මා පවසන මෙම කාරණය වරක් හෝ සමාජ මාධ්‍ය ජාලය භාවිතා කල කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. කාමුක හැඟීම් අවුලවන දර්ශන, ඉඟි හා වදන් එහි සුලබය. අපරාධවලට පොලොඹවන ක්‍රියාකාරකම් එහි සුලබය, පුද්ගල චරිත කෙලසන ක්‍රියාකාරකම් ඕනෑ තරම්ය, අසත්‍ය සහ අවස්ථාවාදී ප්‍රකාශන පතුරු වීම් එමටය... යහපත් සමාජ මෙහෙවරක් ඉටුකල හැකි පහසුකමින් යුතු ඉහතින් සදහන් "සමාජ මාධ්‍ය" මේ ආකාරයට ජනතා පහත් වින්දනයන්ට මුල් තැන දී "සාමාජික ගණන" පමණක් ඉලක්ක කොට පමණක් කටයුතු කිරීම අවාසනාවන්ත තත්වයකි.

මේ ආකාරයට පටු අරමුණු තුල කොටු වී ජරාජීරණ වී තිබෙන මෙම සමාජ මාධ්‍ය තුල යහපත් දහම් මෙහෙවරයන් හි සහ දැනුම බෙදාගැනීමේ මෙහෙවරයන් හි නියැලෙන යහපත් පිරිස්ද නැතුවා නොවේ. නමුත් ඒ පිරිස ඉතාම ඉතා සුළුතරයක් පමණි. බහුතරයක් වන්නේ ඉහතින් සදහන් ආකාරයේ පහත් වින්දනයන් පසුපස හඹා යන පිරිසයි. මේ ආකාරයේ පහන් වින්දනයන් පසුපස යන පිරිස් අතර සැලකිය යුතු මට්ටමින් මුස්ලීම් ප්‍රජාව ද සිටීම කණගාටුවෙන් වූවද මෙහි සදහන් කලයුතු කාරණයකි. ලොවපුරා වෙසෙන පිරිස් සමඟ උරෙන් උරට ගැටී මේ ආකාරයට “සමාජ මධ්‍ය” තුල කටයුතු කරන මුස්ලීම්වරුන් අන්තර්ජාලය තුල සමාජ මාධ්‍ය පරිශීලනය කරන ඕනෑම කෙනෙකු දකින්නට තිබෙන සුලබ දසුනකි. ඒ අතුරින් බහුතරයක් ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන්ට පරස්පරව එහි කටයුතු කරන ආකාරය ද දැකගත හැකි වේ. මේ ආකාරයට ආගමික සීමාවන් පිලිබදව දුරදිග නොබලා සහ නොසිතා කටයුතු කරන මුස්ලීම් ජනයාගේ අවදානය පිණිස මුහම්මද් (සල්) තුමාණන් කල අවවාදයක් මෙහි ඔබේ මතකයට ගෙන එන්නට කැමැත්තෙමි. එය මෙසේය...

ගැත්තෙකු අල්ලාහ් (දෙවි) සතුටු වන වදනක් (ඒ පිලිබදව දුරදිග නොසිතා) සාමාන්‍ය ලෙස පවසයි. මේ හේතුවෙන් ඔහු අල්ලාහ් (දෙවි) හමුවේ ඉහල (පාරාදීසයට ඇතුළු වන ගෞරවනීය) තැනක් හිමිකර ගන්නේය. එසේම කෙනෙකු අල්ලාහ් (දෙවි) කෝපයටපත් වන වදනක් (ඒ පිලිබදව දුරදිග නොසිතා) සාමාන්‍ය ලෙස පවසයි. මේ හේතුවෙන් ඔහු (අල්ලාහ් (දෙවි) හමුවේ ප්‍රතිෂේප වී) නිරයේ ගින්නට වැටෙන්නේය. 

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරී

සමාජ මාධ්‍යන් තුල වල්මත් වී දුරදිග නොබලා කියන කරන දේවල් අපව නිරයට ගෙනයන සාධකයක් වනවා යන්න ඉහත අල්හදීසය තුලින් පැහැදිලි වේ. එම අවවාදාත්මක නබි වදන හොදින් මනසට ගෙන අප අද සමාජ මාධ්‍යයන් තුල කරමින් සිටින්නේ කුමක්ද? යන්න නැවත නැවතත් විමසා බැලීමට ඔබට ආරාධනා කරමින් “සමාජ මාධ්‍ය ජාල” භාවිතය තුල මුස්ලීම් ප්‍රජාව අනුගමනය කලයුතු ක්‍රියා පිලිවෙත් කුමක්ද? යන්නත්, ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම සහ මඟපෙන්වීම කුමක්ද? යන්නත් මෙතැන් සිට ඉදිරියට විවිධ අනුමාතෘකා ඔස්සේ විමසා බලමු.

සමාජ මාධ්‍ය තුල කටයුතු කරන ඔබ පහතින් සදහන් කාරණයන් පිලිබදව ඔබ සැලකිලීමත් වන්න...


මෙම ලිපියේ නව යාවත්කාලීන ඉදිරියට...


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/3

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම