ගසක් සිටුවන්න එයත් දානයක්
ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂි දින දෙකක් වන ජුනි 17 ‘ලෝක කාන්තාරකරණය වැලැක්වීමේ දිනය’ සහ ජුලි 26 ජාත්‍යාන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය යන දින දෙක අතර අද අප සිටින්නෙමු. මේ දිනයන් දෙක තුලින්ම ලෝකයට දෙන පණිවුඩය නම්, මිහිතලය රුකගැනීමට ගසක් සිටුවීමේ අවශ්‍යතාවයයි. ‘පුතෙක් හදන්න, පොතක් ලියන්න, ගසක් සිටුවන්න’ යන්න ලොව ජනප්‍රිය කියමනකි. මේ තුලින් ද සමාජයට අවදාරණය කරන්නේ ගසක් සිටුවීමේ වැදගත්කමයි. විශාල සතුන්ගේ පටන් කුඩා සතුන් දක්වා සියළු ජීවීන් තම ජීවිතය පවත්වා ගැනීමට නම් ශාකය අනිවාර්‍ය අවශ්‍යතාවයකි.
පසෙන් ලබාගන්නා ජලයත් වායුගෝලයෙන් ලබා ගන්නා කාබන් ඩයොක්‌සයිඩ් වායුවත්, හිරු එළියේ ශක්‌තියත් උපයෝගී කර ගෙන ආහාර නිෂ්පාදනය කළ හැක්‌කේ ශාකයන්ට පමණි. සමහර සතුන් කෙළින්ම මෙම ශාක ආහාර ප්‍රයෝජනයට ගන්නා අතර තවත් සමහර සතුන් විසින් එම කාර්යය ඉටුකර ගන්නේ ශාක ආහාර කර ගන්නා සතුන් අනුභව කිරීමෙනි. මෙම ශාක මඟින් ඇති ප්‍රයෝජන කිහිපයක් වැඩිදුර දැනුමට මෙහි පෙලගසන්නේ නම්,
- ගසෙන් පිටකරන ඔක්‌සිජන් වායුව ප්‍රධාන ප්‍රයෝජනයකි.
- පරිසර වාතය පිරිසිදු කිරීම (වායු දූෂණය වැළකමද) ප්‍රධාන ප්‍රයෝජනයකි.
- පසේ සාරවත් බව ආරක්‍ෂා කිරීම ප්‍රධාන ප්‍රයෝජනයකි.
- වර්ෂාව ලබාදීම වෙනුවෙන් හා වාතයේ ආර්ද්‍රතාව (තෙතමනය) පාලනය ප්‍රධාන ප්‍රයෝජනයකි.
- පක්‍ෂීන් හා වෙනත් සතුන්ගේ රැකවරණය සැලසීම ප්‍රධාන ප්‍රයෝජනයකි.
- ප්‍රෝටීන් නිෂ්පාදනය ප්‍රධාන ප්‍රයෝජනයකි.
- දැව, ගෙඩි, දර, මල් ආදිය ප්‍රධාන ප්‍රයෝජනයකි.
මෙසේ සමස්‌ත ජීව ලෝකයාම යෑපෙන්නේ ශාකය මතය. මනුෂ්‍යාගේ අවශ්‍යතාවය ද ගස් කොළන් වලින් ආහාර ලබා ගැනීමට පමණක් සීමා නොවේ. දැව, ඖෂධ… යනාදී ලෙස මනුෂ්‍යා ශාක මගින් ලබාගන්නා ප්‍රයෝජන දීර්ඝ වේ. වත්මන් මනුෂ්‍යයා ගස්‌වල වටිනාකම තක්‌සේරු කරනුයේ ඉන් ලැබෙන දැව, ගෙඩි, මල්, කොළ, පොතු යනාදිය සලකා ගෙනය. එහෙත් ගසක සැබෑ වටිනාකම ඊට වඩා බොහෝ සෙයින් ඉහළ අගයක් ගන්නා බව ඉහත කරුණුවලින් පැහැදිලි වියයුතුය. එවන් වටිනාකමක් ඇති ගසක් සිටුවීම පිලිබදව ඉස්ලාමයේ ඉගෙන්වීම කුමක්ද? යන්න දැන් අවදානය යොමු කලේනම්,
නබිතුමාණන් මෙසේ පවසන ලදී ‘මුස්ලීම්වරයෙකු ගසක් සිටුවා එසේත් නැත්නම් බීජයක් වපුරා එයින් හටගන්නා පලය පක්‍ෂියෙක්, මනුෂ්‍යයෙක් එසේත් නැත්නම් සත්වයෙක් අනුභව කලේ නම් ඒ හේතුවෙන් සදකාවක් කල (දෙවියන්ගේ මාර්ගයේ මුදල් වැය කල) පින එම මිනිසා දිනාගන්නේය’ යනුවෙන් පවසන ලදී.
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී
ගසක් සිටුවීමත්, එහි පලය මිනිසුන් හැර වෙනත් සතුන්ගේ අවශ්‍යතාවය සදහා ඉඩ හැරීමත් දෙවියන්ගේ මාර්ගයේ වියදම් කිරීම නොහොත් ‘සදකාවක්’ යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එමනිසා මුස්ලීම්වරයෙකු දිනපතා පස්වේලක් නැමදුම් කරනවා සේම, හජ් නැමදුම ඉටු කරනවා සේම, සකාත් බද්ධ ගෙවනවා සේම, උපවාසය නිරත වනවා සේම… ගසක් සිටුවීමත් දේව නැමදුමක් යන්න අවබෝධ කරගතයුතු යන්න මෙහි අවදාරණය කරමින් මෙම ලිපිය අවසන් කරමි.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න