ආගම් ට්‍රැක්අවුට් ද? කරුමයක් පලිසන් දීලා ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මුලින්ම මේ රට මීට ටික කලකට ඉහත ජාතිවාදීන්ගේ පාරාදීසයක් යැයි මා මෙහි සටහන් කලේනම්, එය අතිශයොක්තියක් නොවේ යැයි සිතමි. එය මේ රටේ සාධාර්ණය අගයන සමාජය ද හොදින් තේරුම් ගෙන සිටීන සත්‍යයකි. එදා රටේ පැවතී එම තත්වය පිලිබදව විවිධ අවස්ථාවල විවිධ මාතෘකා යටතේ යහමග අඩවිය තුල සාකච්චා කල ලිපි බොහෝමයක් එයට කදිම නිදසුනකි. (එම ලිපි “ජාතිවාදය“ යන ගොනුව යටතේ ඔබට මෙහි කියවීමට පුළුවන.) එම තත්වය වර්ථමානය වනවිට බොහෝ දුරකට පාලනය වී ඇති අතර එය පාලනය කිරීමේ ගෞරවය පක්ෂ පාට භේදයකින් තොරව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වියයුතුය.

විශේෂයෙන් එදා මේ රටේ මුස්ලීම් ප්‍රජාවට එරෙහිව ක්‍රියාත්මක වූ ජාතිවාදී ව්‍යාපාර අතර සිංහල ජාතිවාදී ව්‍යාපාර එවකට පාලකයින්ගේ ආශිර්වාදය මත දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වූවා යන්න මේ රටේ අති බහුතරය පිලි ගන්නා ප්‍රසිද්ධ රහසකි. මුස්ලීම් සමාජය තුල නැති අර්බුද නිර්මාණය කරමින් සහ මුස්ලීම් සමාජය තුල තිබූ ආගමික අභ්‍යන්තර අරඟල (නිදසුනක් ලෙස සම්ප්‍රදායක සහ සම්ප්‍රදායක නොවන මුස්ලීම් අරඟල සහ විවිධ නිකායවාදී අරඟල) මේ රටේ යහපැවැත්මට හා ජාතික ආරක්ෂාවට අභියෝගයක් බවට වැරදි මතවාදයක් ශ්‍රී ලාංකීය සමාජය තුල නිර්මාණය කරමින් මේ සමාජයේ සමහරක් ගේ මනස විකෘති කරන්නටත් ගත් වෙහෙස සුළුපටු නොවේ.

දහමක් දර්ශනයක් නිවැරදිව පිලිපැදීම යන්න පුද්ගලයෙකු තම මනසත් සමඟ කරන ගනුදෙනුවකි. එය රටක සමාජයක නීති-රීති මඟින් පාලනය කලයුත්තක් හෝ එසේ කල හැක්කක් නොවේ. දහමක්, දර්ශනයක් එහි මූලාශ්‍ර ඉගෙන්වීමන් මූලික කරගෙන ඉදිරිපත් වන නිසා එහි අනුගාමිකයින් එම මුලාශ්‍ර ඉගෙන්වීමන් අනුව කටයුතු කලයුතු වේ. එසේ නොකොට එම ඉගෙන්වීමන්ගෙන් බැහැරව ආගමික කරුණු අවබෝධ කරගන්නට සහ පිලිපදින්නට යන අවස්ථාවල එම දහම හෝ දර්ශනය තුල අභ්‍යන්තර අර්බුද හා අරඟල ඇතිවීම සහ විවිධ නිකායවාදයන් නිර්මාණය වීම ලොවපුරා සෑම දහමක් දර්ශනයක් තුලම දකින්නට තිබෙන පොදු අවාසනාවන්ත තත්වයකි. මෙම අවාසනාවන්ත තත්වය මීට සියවස් 14 කට පෙර දුටූ ඉස්ලාම් දහම ද එය තම මූලාශ්‍රය තුලින් මුස්ලීම් සමාජයට මෙසේ අවවාද කරන ලදී.

…තවද නුඹලා සියල්ල අල්ලාහ් (දෙවි)ගේ ලණුව දැඩිව අල්ලා ගන්න. (එහි) බෙදී නොයන්න

අල්කුර්ආනය 3-103

(මෙහි ඉහත වාක්‍යය තුල “අල්ලාහ් (දෙවි)ගේ ලණුව“ යනුවෙන් අදහස් කරන්නේ දිව්‍ය මඟපෙන්වීම වන අල්කුර්ආනය සහ අල්හදීස් යන්නයි.)
හුදෙයිෆා බින් යමාන් (රලි) තුමා පවසයි, ජනතාව අල්ලාහ්ගේ දූතයාණන් හමුවේ යහපත පිලිබදව විමසමින් සිටියේය. මම අයහපත ලිපිබදව විමසුවෙමි. මන්ද එයට මා හසුවේ දෝ? යන බිය මා තුල පැවතී නිසාමය. මම ‘අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් අපි අඥාන කාලයේ අයහපතෙහි ගිලී සිටියෙමු. එවන් සමයක අල්ලාහ් (දෙවි) ‘ඉස්ලාම්’ නම් යහපත අපහමුවට ගෙන ආවා. මෙම යහපතට පසුව අයහපතක් පැවතීමට හැකි ද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔව්’ යනුවෙන් පිලිතුරු ලබාදෙන ලදී. එයට මම ‘එම අයහපත් තත්වයට පසු කුමක් හෝ යහපතක් තිබෙන්නේද?’ යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔව්, නමුත් එහි කැළඹිලි ස්වභාවයක් පවතිනු ඇත’ යනුවෙන් පවසන ලදී. එයට මා ‘එම කැළඹිලි ස්වභාවය කුමක්ද? යනුවෙන් විමසූ විට නබිතුමාණන් ‘එක් පාර්ශවයක් මාගේ මාර්ගයෙන් වෙනස් වූ මාර්ගයකට ජනතාව කැදවමින් ඒ ඔස්සේ ඔවුන් මෙහෙයවයි. ඔවුන් තුල ඔබ යහපතත් අයහපතත් දකිනු ඇත’ යනුවෙන් පවසන ලදී…

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් මුහම්මද් (සල්) තුමා වරක් මෙසේ පැවසීය, “සැබැවින්ම අල්ලාහ් (දෙවි) තම (මුස්ලීම්) සමාජයෙන් “දැනුම“ උදුරා ගැනීම වෙනුවට එම සමාජයේ (ආගමික) විද්වතුන් (මරණයට පත්කොට) උදුරා ගැනීම සිදු කරයි. ඉතිරිව ඇති පිරිස් නූගත් නායකයින්ගෙන් දහම් දැනුම ලබාගෙන එය අනුගමනය කරයි. ඒ තුලින් එම දහම් දැනුම නොමැති විද්වතුන් ද නොමඟ ගොස් ඔවුන්ගෙන් දහම දැනුම ලබාගත් පාර්ශවයන් ද නොමඟ යයි. මෙවැනි කාලයක් උදා වූයේ නම්, ලෝක අවසානය බලාපොරොත්තු වන්න.“

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි සහ මුස්ලිම්

ඉස්ලාම් දහමේ ඉහත මූලාශ්‍ර ඉගෙන්වීම අනුව දහම තුල මතභේද සහ මතවාද ඇතිවීමත් එය මූලික කරගෙන අභ්‍යන්තර අරඟල සහ අරුබුද නිර්මාණය වීමත් ලෝක අවසාන කාලය දක්වා දිවයන අවාසනාවන්ත තත්වයක් යන්න පැහැදිලිය. මෙම දුර්වලතාවය අවස්ථාවක් කරගත් අප රටේ ජාතිවාදී සමහරක් එම ආගමික අභ්‍යන්තර අර්බුදය අප රටේ ජාතික අර්බුදයක් ලෙසත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙසත් සහ “මෙච්චර කල් නොතිබූ අලුත් ආගමක් දැන් ඇවිත්“ ලෙසත් පවසමින් ඉස්ලාම් දහමට එරෙහිව සමාජය තුල වැරදි මතවාදයක් ගොඩනඟන්නට කටයුතු කලේය. මෙහි හාස්‍ය ජනකම කාරණය වූයේ ඔවුන් විසින් නිර්මාණය කල අර්බුදය විසඳාලීමේ වගකීම ද ඔවුන් විසින් ම භාර ගැනීම සහ එවකට පැවතී පාලකයින් විසින් එම වගකීම ඔවුනට පැවරීමයි. (එයට නිදසුනක් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය පත්කල එකම රටක් එක නීතියක් යන කමිටුව මෙහි සදහන් කල හැක.)

මේ අනුව එදා මේ රට තුල ගෝත්‍රීය මානසිකත්වයෙන් පෙලෙන ජාතිවාදීන් නිර්මාණය කිරීමේ මූලික වගකීම ගෙන කටයුතු කලේ මේ රටේ පාලයින් සහ සමහරක් භික්ෂූන් වහන්සේලා යන්න රටම දන්නා කාරණයකි. එම පිරිස තමන්ගේ පටු න්‍යාය පත්‍රයට සරිලන ලෙස මුස්ලීම් සමාජය මෙහෙයවන්නත්, ඔවුනට අවශ්‍ය ආකාරයට ඉස්ලාම් දහම පිලිපැදීමට මුස්ලීම් සමාජයට කියාදෙන්නත් වෙහෙස වූ තරමත් අප එදා දුටුවෙමු. (නිදසුනකට “හලාල් සහතික“ ලිපිය කියවන්න.) එපමණක් නොව සමහරක් මුස්ලීම්වරුන් ද එවැනි ජාතිවාදීන් සරණ ගිය අවාසනාවන්ත අවස්ථාවන් ද මේ සමාජය තුල අප දුටුවෙමු. (නිදසුනක් ලෙස බැටළු හම පොරොවාගත් නිකායවාදීන් යන ලිපිය කියවන්න.) එසේම එවැනි ජාතිවාදී ප්‍රචාරයන්ට තම විකාශන කාලය උපරිමයෙන් ලබාදුන් ජඩ මාධ්‍යයන් ද මේ රටේ අප දුටුවෙමු.

මේ ආකාරයට ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් අතර නැති අර්බුද ඇති කොට සාතාන්ගේ දහමක් ඉස්ලාම් නමින් කියාදෙන්නට සහ මුස්ලීම් අපේ අභ්‍යන්තර ආගමික අරඟලවලට විසදුම් දෙන්නට දත කෑ පාර්ශවයන්ගෙන් “යහමග“ මට අද විමසන්නට පැනයන් දෙකක් ඇත. එනම්,

  • මුස්ලීම් සමාජය යහමග යොමු කරන්නට ගත් උනන්දුව තුල තම ආගම සහ සමාජය ඔබලා හට අතපසු වීලාද?,
  • නොඑසේ නම්, මුස්ලීම් සමාජය භේද කරන්නට කටයුතු කල පාපයට “දිට්ඨ ධම්ම වේදනීය කරුමය“ පලිසන් දීලාද? යන්නයි.

මෙසේ මා විමසන්නට පොළොඹ වූ හේතු කාරණා වත්මන් බෞද්ධ සමාජය තුල පිරී ඇත. එයට නිදසුන් කිහිපයක් මෙහි පහතින් මා ඉදිරිපත් කරන අතර තුර අවසාන වශයෙන් යෝජනාවක් ද කරන්නට කැමැත්තමි. එනම්, “අනිකුත් ආගමිකයන්ට ආගම් උගන්වන්න කලින් නරක ද තමන්ගේ ආගම තම මූලාශ්‍රයන් තුලින් පොඩ්ඩක් කියවා ගත්තානම්“ යන්න පමණි.

පහත පෙලගැස්ම ඔබේ බුද්ධිමත් විමසුම පිණිසයි.

බොරු රහතුන්ගෙන් පීරී ඉතිරෙන ධර්මදීපය

  • මෙහි ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ අප රටේ අලුතින් පලවන “මොනරා“ නම් පුවත්පතේ ඉදිරිපත් කොට තිබූ ලිපියකින් උපුටාගත් පිංතූරයකි.

2024/1/15 - ‘‘බුදු දහම බේරා ගන්න‘‘

සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බුද්ධ දර්ශනයේ හරපද්ධතින්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව වහා නීතීය ක්‍රියාත්මක කරන්නැයි මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළු ත්‍රෛයි නිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් විකුුමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබේ.

තිබ්බටුවාවෙි ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහානායක හිමි, වරකාගොඩ ශ්‍රී ඤණරතන අස්ගිරි මහා නායක ,මකුලෑවේ විමලානන්ද ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මහනාකය,සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා සංඝ සභාවේ සභාපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මුර්ති යන මහා නාහිමිවරුන මෙම ලිපියට අත්සන් තබා ඇත .

එම ලිපියේ පිටපත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතී.විජයදාස රාජපක්ෂ,බුද්ධ ශාසන අමාත්‍ය විදුර විකුුමනායක සහ බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයා වෙතද යොමු කර ඇත.

https://www.lankadeepa.lk/news/%E2%80%98%E2%80%98%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B6%AF%E0%B7%84%E0%B6%B8-%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E2%80%98%E2%80%98/101-646123

විමල බුද්ධි ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයාට ඇප

සුනඛයෙකුට සිවුරක් පිරවීම ඇතුළු බුදු දහමට නිගා වන අයුරින් "ටික් ටොක්" වීඩියෝ අන්තර්ජාලයට මුදාහල රත්නපුරේ විමල බුද්ධි නොහොත් "විශ්ව බුද්ධි මුනි" නමින් හඳුන්වාගත් චීවරධාරියා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (09) නියෝග කළේය .

සැකකරු කළේ යැයි කියන ප්‍රකාශය අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ (ICCPR) තුන වගන්තිය ගැනෙන වරදක් බවට අනාවරණය නොවන හෙයින් සැකකරුට ඇප ලබාදෙන බවට සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම පනත යටතේ ඇප ලබා දුන්නද ආගමට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් දණ්ඩන නීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩුව පවරා පවත්වාගෙන යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ඇති බවට දන්වා සිටියේය .

සැකකරුට එරෙහිව මුදල් විසුද්දී කරන පනත යටතේ නඩුව පවරා පවත්වාගෙන යෑමට අදහස් කර ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුගේ බැංකු ගිණුමට පසුගිය මාස 10 ඇතුළත රුපියල් මිලියන තුනක මුදලක් බැර වී ඇති බවට සඳහන් කළේය .

සැකකරු ආගම් අතර වෛරයක් ඇතිවෙන පරිදි අන්තර්ජාතික සිවිල් අයිතිවාසිකම් සම්මුති පනතේ සඳහන් වරදවල් කර නොමැති බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය මගින් පෙන්වා දුන්නේය .

2007 අංක 56 දරණ සිවිල් හා අයිතිවාසිකම් සම්මුති පනතේ තුන එක වගන්ති යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය 290,291 වගන්තිය යටතේ වරදවල් සිදු කිරීමට එරෙහිව සැකකාර හිමි දෙසැම්බර් 13 වෙනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය .

https://www.lankadeepa.lk/news/%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD-%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92-%E0%B6%BD%E0%B7%99%E0%B7%83-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%96-%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7-%E0%B6%87%E0%B6%B4/101-645848

විශ්ව බුද්ධි මුනි යළි වැඩ පටන් අරන්

සුනඛයකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන " ටික් ටොක්" වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරියේ යැයි අත්අඩංගුවට ගෙන ඇප නියම වූ රත්නපුරේ විමල බුද්ධි නොහොත් "විශ්ව බුද්ධි මුනි" චීවරධාරියා බුදුදහමට නිගා වන වීඩියෝ පළ කිරීම යළිත් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් පැවසීය.

අන්තර්ජාලයේ පලවන වීඩියෝ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මෙම කරුණු දැක්වීම කර ඇත.

සැකකාර හිමිනම රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පසුගිය (09) නියෝග කළේය.

සැකකරු කළේ යැයි කියන ප්‍රකාශය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතේ 3(01) වගන්තිට ගැනෙන වරදක් නොවන බවට නිගමනය කරමින් මෙම ඇප ලබාදීම සිදුකරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය .

සම්මුති පනත යටතේ ඇප ලබා දුන්නද ආගමට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් දණ්ඩන නීති සංග්‍රහයේ 290 හා298 වගන්ති යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩුව පවරා පවත්වාගෙන යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ඇති බවට,හා එසේ විමර්ශනය කිරීමට බාධාවක් නොවන බව ද මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් දන්වා සිටියේය .

https://www.lankadeepa.lk/news/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80-%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92-%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%92-%E0%B6%BA%E0%B7%85%E0%B7%92-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%B4%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A/101-646353

විශ්ව බුද්ධිය යළි රිමාන්ඩ්: සාසනයෙනුත් නෙරපයි

සමාජ මාධ්‍ය ඔස්සේ බුදු දහමට අපහාසවන ආකාරයේ යළි ප්‍රකාශ සිදුකළ විශ්ව බුද්ධ නැමැති පුද්ගලයා ලබන 26 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේය.

ඒ මින් පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටියදී ඇප කොන්දේසි කඩකරමින් යළිත් වරක් අන්තර්ජාලය ඔස්සේ බුදු දහමට අපහාස කිරීම හේතුවෙන් අධිකරණ නියෝග මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේය.

විශ්ව බුද්ධ නමින් තමාව හඳුන්වාගනිමින් සමාජ මාධ්‍යජාලා ඔස්සේ බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ චීවරධාරියකු සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි කථාබහක් නිර්මාණය වුණා.

ඔහු ඇතැම් අවස්ථාවලදී ගිහියෙකු ලෙස ද සැරසී සාමාජ මාධ්‍යට විවිධ වීඩියෝ නිකුත්කර තිබුණා.

අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු පසුව ඇප මත මුදා හැරුණා.

ඇප මත මුදාහැර සිටි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ පස්වරුවේ යළි අත්අඩංගුවට ගත්තේ කළගෙඩිහේන තිහාරිය ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදීයි.

ඒ ඇප මත මුදා හැර සිටියදී ඇප කොන්දේසි කඩවන අයුරින් තවදුරටත් අන්තර්ජාලය ඔස්සේ බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන්.

එම සිදුවීමත් සමඟ රත්නපුර විමල බුද්ධි හිමි හෙවත් සැකකරු ශිෂ්‍යභාවයෙන් හා නිකායෙන් නෙරපීමට රාමාඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව ඉකුත් වසරේ දෙසැම්බර් මස 15 වෙනිදා ඒකමතිකව තීරණය කර තිබුණා.

ඒ ඔහු පැවිදි කරවූ උරුවල විනීත හිමියන් සිදුකළ ඉල්ලීමක්ද සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව, අග්ගමහා පණ්ඩිතය මකුලෑවේ විමල රාමාඤ්ඤ මහා නිකායේ මහනායක මහනාහිමියන් ඒ බව බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

https://www.lankadeepa.lk/news/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80-%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA-%E0%B6%BA%E0%B7%85%E0%B7%92-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A:-%E0%B7%83%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%99%E0%B6%BB%E0%B6%B4%E0%B6%BA%E0%B7%92/101-646444

හාමුදුරුගොල්ලෝ සිවුර ඉඳන් හොරාට කරන දේවල් මම එළිපිට කරනවා - විශ්ව බුද්ධ -

උපුටා ගැනිම - https://www.youtube.com/@TruthwithChamuditha

සද්ධා රතන හිමි රිමාන්ඩ්

ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරත්න හිමි ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළේය.

https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F-%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A/101-633916

බෞද්ධාගම අපහාස කරන ගරහන කණ්ඩායම්වලට විදේශයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලැබී ඇතැයි තොරතුරු අනාවරණයවී තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

විදේශයන්හි විවිධ කණ්ඩායම් මේ පිරිස් මෙහෙයවා ඇතැයිද තොරතුරු අනාවරණයවී ඇති බව පැවසූ අමාත්‍යවරයා ගිහියන් පමණක් නොව ඇතැම් භික්ෂූන් වහන්සේලා පවා විදේශයන්හි මුදල්වලට යටවී මෙලෙස කටයුතු කර ඇති බවද සඳහන් කළේය.

බුද්ධාගමට පහර දී සංස්කෘතික විනාශයක් ඇති කිරීමෙන් මේ රට විනාශ කිරීමට හැකි බව අවබෝධ කර ගෙන මේ දුෂ්ට බලවේග කටයුතු කරමින් සිටින බව පෙනී යන්නේ යැයිද අමාත්‍යවරයා කීවේය.

ආගමික මතවාදයන්ට ගරහන පිරිස් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි පැවසූ විජයදාස රාජපක්ෂ මහතා මේ සඳහා නව නීති සකස් කිරීමටද පියවර ගන්නා බව සඳහන් කළේය.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7-%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%BD%E0%B7%8F/1-633989

බෞද්ධයනට නිගාව දේශපාලන ජවනිකාවක්

ඇතැම් පාර්ශව බෞද්ධාගමට සිදුකරන නිගරු කිරීම් බලය දිනාගැනීමට සිදුකරන කුමන්ත්‍රණයක කොටස් බව පෙනෙන්නට ඇතැයි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ කොළඹදී පැවසූහ.

බෞද්ධාගම ප්‍රමුඛ අනකුත් ආගම්වලට අපහාස කර ඇතැයි සැකකරන සියලු පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳව පුලුල් විනිවිධ පෙනෙන විමර්ශනයක් කර සත්‍ය හෙළිදරව් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.

කතෝලික සභාව කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ එසේ කීහ.

https://www.lankadeepa.lk/news/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1-%E0%B6%A2%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A/101-634045

2024/1/7 - මිත්‍යාව පතුරවන්නන්ට දැඩි දඬුවම්

මිත්‍යාදෘෂ්ටික මත පතුරුවමින් ජනතාව සියදිවි හානි කර ගැනීම් හෝ වෙනත් විෂමාචාර ක්‍රියා සඳහා පොළඹවන ඊනියා දේශකයන් හෝ පුද්ගලයන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා නව අණ පනත් සම්මත කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

මේ අතර ජනතාව අතරේ මිථ්‍යා මත පතුරවමින් සියදිවි හානි කර ගැනීම් සඳහා පෙළඹවූ බව කියන මාලඹේ දේශකයා සහ ඔහුගේ අනුගාමිකයන් පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පත් කරනු ලැබ සිටිති.

මේ සම්බන්ධයෙන් අප අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙවැනි මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දැනටමත් යම් යම් නීති පවතින බවයි.

එසේම සියදිවි හානි කර ගැනීම සඳහා ප්‍රයත්න දරා බේරෙන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන පවතින බව හෙතෙම සඳහන් කළේය.

https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7--%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92-%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A/101-645740

2024/1/8 - විකෘති ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් කමිටුවක් පත්කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියාවන් වැලැක්වීමට හා තුරන් කිරීමට රජය නව නීති සම්පාදනය කරන බව ද අමාත්‍යවරයා කීය.

රටේ නීතිමය රාමුව තුළ සෑම කෙනකුටම තම ආගම ඇදහීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු කඩනමින් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

https://www.lankadeepa.lk/news/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92-%E0%B6%87%E0%B6%AF%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%92-%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A-%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A/101-645792


සිවුරක් ඇඳගෙන කොටුව දුම්රියපොළේ යකා නටලා

කොටුව දුම්රියපොළෙහි භික්ෂු විවේකාගාරය තුළ බීමතින් අශෝබන ලෙස චීවරයක් දරාගත් තැනැත්තු හැසෙරන බවට ලද තොරතුරක් අනුව ඒ පිළිබදව විමසීමට ගිය දුම්රිය පොළ පොලිස් මුරපොළෙහි නිලධාරීන් දෙදනකුට පහරදී සපා කා පොලිස් නිලධාරියකුගේ අත තිබූ වෝකිටෝකි යන්ත්‍රය පොළොවේ ගැසූ බව කියන චීවරයක් දරාගත් තැනැත්තකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි.

මෙහිදී තුවාල ලැබූ එක් නිලධාරියකු රෝහල්ගත කළ බවද පොලිසිය කියයි.

දුම්රියපොළ පොලිස් මුරපොළේ නිලධාරීන් දෙදනකු සහ නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනකුද දුම්රිය පොළ භික්ෂු විවේකාගාරයට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් එම චීවරය දරාගත් පුද්ගලයාගෙන් අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා හැදුම්පත ඉල්ලා තිබේ.

එම අවස්ථාවේදී සැකකරු විසින් ඉතා අශෝභන ලෙස හැසිරී පරුෂ වචනයෙන් බැන හැද සිටි චීවරය ගලවා දමා දිවයෑමට තැත් තිරීමේදී පොලිස් නිලධාරීන් ඔහු අල්ලාගැනීමට උත්සාහ කිරීමේදී වෝකිටෝකි යන්ත්‍රය පොළොවේ ගසා පොලිස් නිලඇදුමේ කොළරයෙන් ඇද අතින් පයින් පහරදී ඇති බවත් පොලිසිය පවසයි.

එහිදී පොලිස් නිලධාරීන් සැකකරු පාලනය කිරීම සදහා කටයුතු කිරීමේදී එක් නිලධාරියකුගේ අතෙහි මැණික් කටුවට ඉහළින් ලේ ගලනතුරු සපා කා ඇති බව පොලිසිය කියයි.

පසුව රථවාහන රාජකාරියේ සිටි නිලධාරියකු ද තත්ත්වය පාලනය කිරීමට එම ස්ථානයට පැමිණ අවස්ථාවේදී එම නිලධාරියාට ද අසල තිබූ වීදුරු බෝතලයකින් කකුලට පහරදී අත සපා කා ඇති බවත් පොලිසිය කියයි.

 https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%87%E0%B6%B3%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80-%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A-%E0%B6%BA%E0%B6%9A%E0%B7%8F-%E0%B6%B1%E0%B6%A7%E0%B6%BD%E0%B7%8F/101-646231

2024/1/15 - අවලෝකේතීශ්වර ලෙස හඳුන්වා ගන්න පුද්ගලයා අත්අඩංගුවට

අවලෝකේතීශ්වර බෝධිසත්වයන් වහන්සේ බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන විකෘති දේශනා කළැයි කියන පුද්ගලයා ඊයේ (15) පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයෙකි.

https://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD%E0%B7%93%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BB-%E0%B6%BD%E0%B7%99%E0%B7%83-%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/101-646157

පෝය දවසෙ අවුකන පිළිමෙට චීවරයක් අන්දලා

අනුරාධපුර ඓතිහාසික අවුකන බුදු පිළිම වහන්සේට කිසියම් පිරිසක් විසින් සිවුරක් අන්දා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව වත්තල ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් විසින් මෙම සිවුර ඇන්දවීම සිදුකර ඇති තිබෙනවා.

වස්කාලය නිමා කිරීම ඊයේ දිනට යෙදුණු ඉල් පොහොය නිමිති කරගෙන සිදුකෙරෙන බැවින් එම පිරිස මෙම ක්‍රියාව කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රියාවට භික්ෂූන්වහන්සේලා පිරිසක්ද සහය දක්වා ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

සිවුර ඇන්දවීමෙන් අනතුරුව අවුකන පිළිමවහන්සේගේ දෙපා අභියස පාවහන් යුගලයක්ද තබා ඇති අයුරු දකන්නට ලැබෙනවා.

සිවුරු අන්දන අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල හුවමාරුවෙමින් පවතින අතර එම සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාලවල දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.

https://www.news19.lk/poya-has-put-a-shirt-on-the-idol-that-stirs-up-the-day/

සයනයිඩ් ශරීරගත කරගෙන මිය ගිය ආගමික දේශකයාගේ බිරියත් දරුවනුත් එලෙසින්ම දිවි නහගෙන

රට පුරා සිටින අනුගාමිකයන්ටත් සයනයිඩ් බෙදුවාදැයි විමර්ශන

රට විනාසයි මේ රටේ ජීවත් වී පලක් නැතැයි දේශනා පවත්වලා

උග්‍ර වසක් ශරීරගත කරගෙන මිය ගිය සැමියාගේ අවමඟුල් කටයුතු සිදු කළ දාට පසුදිනම බිරිය දරුවන් තිදෙනකු සමඟ වස ශරීරගත කරගෙන මාලඹේ කහන්තොට පාර අරුණ පෙදෙසේ නිවසක් තුළ මියගොස් සිටියදී ඊයේ (31) දින අලුයම හමු වූ බව මාලඹේ පොලිසිය පවසයි.

මහපු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 46 හැවිරිදි පුද්ගලයාද සයනයිඩ් ශරීරගත කරගෙන සියදිවි නසා ගැනීම නිසාවෙන් පැවැති අවමංගල්‍ය අවස්ථාවේ අවසන් කටයුතු සිදු කළ ඉකුත් 30 දින රාත්‍රී පවුලේ අනෙක් පිරිසද මෙලෙස සියදිවි හානි කර ගෙන ඇතැයි සැක කරන බවද පොලිසිය පවසයි.

අවමංගල්‍ය උත්සවය පැවැති නිවෙසේ කාමරයක් තුළ මුඛයෙන් සෙම වැනි යමක් වැගිරී තිබීම නිසාවෙන් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රැගෙන ගොස් ඇතැයි ද ඒ වන විටත් සිවු දෙනාම මියගොස් සිට ඇතැයි වෛද්‍යවරුන් දන්වා ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාකුඹුර කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම පවුලේ මව වන උදාරි නිසංසලා සේනාරත්න (35) ලොකු පුතා වන ආදිත්‍ය ප්‍රතාප ගුණරත්න (09) දෙවන පුතා වන ආර්ය ප්‍රතාප ගුණරත්න (08) සහ බාල දියණිය වන ආරාධ්‍යා ප්‍රභාවී ගුණරත්න (06) යන අය වෙති.

මෙම පවුලේ පිරිස විදෙස් රටකට යාම සඳහා පොලොන්නරුව ප්‍රදේශයේ තිබූ දේපළ විකුණා දමා එම විදෙස්ගත වීම පිළිබඳව වැඩ කටයුතු සිදු වන තුරු හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක පදිංචිව සිට ඇති බවත් එහි සිටි අතරතුර පියා සයනයිඩ් ශරීරගත කරගෙන සියදිවි හානි කර ගෙන ඇති බවත් අනාවරණය වූ බව මාලඹේ පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එලෙස මිය ගිය මහප්පු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න යන අය බුදු දහම සම්බන්ධයෙන් දේශනා පවත්වන්නකු බවත් දිවයින පුරා ඔහුගේ අනුගාමිකයන් රැසක් සිටින බවත් පසුගිය දෙසැම්බර් 26 වෙනි දින ද ඔහු අනුගාමිකයන් ගෙන්වා දේශනාවක් පවත්වා ඇති බවත් එහිදී මේ රට විනාසයි මේ රටේ ජීවත් වී පලක් නැතැයි පවසමින් දේශනා පවත්වා ඇති බවත් අනාවරණය වූ බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මෙලෙස සියදිවි හානි කරගත් පවුලේ සියලු දෙනාටම සයනයිඩ් වැනි විසක් හමුවීම පිළිබඳවත් දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් පවතින බවත් ඔහුගේ අනුගාමිකයන් සියලු දෙනා වෙත ද මේ ආකාරයෙන් අදාළ විස ද්‍රව්‍ය බෙදාහැර ඇත්දැයි සැකයක් පවතින බැවින් මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරමින් සිටින බවත් අදාළ උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මාලඹේ කහන්තොට නිවසේදී මිය ගිය සිව් දෙනා පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් එම දේහයන් තබා ඇති මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගොස් පැවැත් වූ අතර, නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ මාලඹේ පොලිසියේ අපරාධ විමර්ශනය ඒකකයේ නිලධාරීහු පොලිස් පරීක්ෂණ සිදු කරති.

https://www.dinamina.lk/2024/01/01/local/51229/%E0%B7%83%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD-%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%B8%E0%B7%92%E0%B6%BA/

මිය ගිය දර්ශනවාදීයාගේ දේශනවලට ගිය දෙදෙනක් විස ශරීරගතවී මරුට

හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටියදී විස ශරීරගතව මිය ගිය බව කියන දර්ශනවාදී දේශකයෙකු වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තා ගේ දේශන වලට සහභාගී වෙමින් ලගින්ම ඇසුරු කළ තවත් දෙදෙනෙකු ද විස ශරිරිගතවීමකින් මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි

මෙලෙස මිය ගොස් සිටින තරුණයා සහ තරුණිය දේශකයාගේ අවමංගල්‍ය කටයුතු සිදුකල මාලබේ පිට්ටුගල තුන්අදහේන ප්‍රදේශයේ නිවසේ නතර වී සිටිමින් අවමංගල්‍ය කටයුතු වලට සහභාගී වී සිට ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි

එලෙස මියගොස් ඇත්තේ යක්කල රාසල් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවියක් බව කියන තරුණියක සහ අම්බලන්ගොඩ තිවොල්පුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 හැවිරිදි තරුණයෙකි

එම තරුණයා මහරගම පරණ පාර ප්‍රදේශයේ නවාතැන්පොළකදී මියගොස් ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග පවසයි

https://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%92%E0%B6%BA-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B7%83-%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93-%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7/101-645530

හාමුදුරුවොත් බඩ ගාලා වදින කවුද මේ අවලෝකතේශ්වර - වීඩියෝ දර්ශන

කතුන් 3ක් සමග ට්‍රිප් ගිය හිමිට වැඩ වරදී

අලුත්ගම වැලිපැන්න දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය සමීපයේ වැලි පැන්නපොලිස් වසමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක නායක හිමිනමක් තරුණ රූමත් කතුන් තිදෙනෙකු සමග ගිහි ඇදුමින් සැරසී කතරගම ලුණුගම් වෙහෙර තිස්සමහරහම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගොස් සිටියදී දායක සභාවේ ගම්වැසියන් කීප දෙනෙකුට හසුවී ඇතිවූ සමස්ථ දායකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් එම විහාරාධිපති හිමියන් සඳුදා රාත්‍රියේම පන්සල හැර ගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය කිය.

එම විහාරාධිපති හිමියන් කතුන් තිදෙනෙක් සමඟ ගිහි ඇදුමින් සැරසී ඉහතින් සඳහන් ප්‍රදේශවල විනෝද චාරිකාවකට ගොස් සිටියදී එම දිනයේම ගම්වැසි තරුණියන් කිහිප දෙනෙකුද කතරගම ප්‍රදේශයට ගොස් සිටියදී පන්සලේ හාමුදුරුවන් ගිහි ඇඳුමෙ කතුන් තිදෙනෙකු සමග සිටින අයුරු දැක විමතියට පත්ව එම තරුණයන් ගෙන තිබූ ඡායාරූප හා වීඩියෝ දර්ශන ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළ කිරීමට පියවර ගැනීමත් සමඟ එම හිමියන් විනෝද චාරිකාව අවසන් කර විහාරස්ථානයට පැමිණෙන්නටත් පෙර විහාරස්ථානයේ දායකයින් එය දැක එම විහාරස්ථානය ඉදිරිපිට උන්වහන්සේට දැඩි විරෝධයක් පළ කිරීමත් සමග පෙරෙදා (29) රාත්‍රියේම පිටව ගොස් ඇතැයි වැලිපෙන්න පොලිසිය කියයි.

එම කතුන් තිදෙනා සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුවනු ඇතැයි පොලිසිය කියයි.

වැලි පැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් විහාරස්ථානය ඉදිරිපිට දී පැවති විරෝධතාවයේ සාමය ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1-3%E0%B6%9A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%A7%E0%B6%BB%E0%B6%B4-%E0%B6%9C%E0%B6%BA-%E0%B7%84%E0%B6%B8%E0%B6%A7-%E0%B7%80%E0%B6%A9-%E0%B7%80%E0%B6%BB%E0%B6%AF/1-646960

හිමි නමගේ මැණික් ජාවාරම අතේ පත්තු වෙයි

රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබු කාකා නිල් මැණික් කැට 2 ක් සමග වැලිවේරිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක සහ පුද්ගලයකු අත්අඩංගුවට අද (7) අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.

සැකකරුවන් දෙදෙනා එම මැණික් කැට දෙක රුපියල් කෝටි 37 කට විකිණිමට සූදානම් කර තිබූ බවත් යුද හමුදාව කියයි.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර කොස්ලන්ද පොලිසියට බාර දුන් බව යුද හමුදාව පවසයි.

https://www.lankadeepa.lk/news/%E0%B7%84%E0%B6%B8-%E0%B6%B1%E0%B6%B8%E0%B6%9C-%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A-%E0%B6%A2%E0%B7%80%E0%B6%BB%E0%B6%B8-%E0%B6%85%E0%B6%AD-%E0%B6%B4%E0%B6%AD%E0%B6%AD-%E0%B7%80%E0%B6%BA/101-647386

වීඩියෝ දර්ශන


ඉබි යතුරු කඩා නිවසට ඇතුළු වී යැයි සාමනේර හිමිවරු දෙනමක් අත්අඩංගුවට

රුපියල් කෝටි ගණනාවක් වටිනා බම්බලපිටිය ෆරිඩ් පෙදෙසේ පැරණි තෙමහල් නිවසකට ඉබි යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන සාමණේර හිමිවරුන් දෙදෙනෙකි.

තම නිවසේ ඉබයතුරු කඩා හිමිවරුන් තිදෙනෙකු තවත් පුද්ගලයකු බලෙන් රැඳී සිටින බවට නිවසේ හිමිකාරිය බව කියන කාන්තාවක් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් විසින් එම අවස්ථාවේ සිටි වයස අවුරුදු 20 හා 14 පසුවල හිමිවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිවසට එකම පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකු හිමිකාරීත්වය දරන අතර හිමිනමක් විදේශගත වූ අවස්ථාවේදී ඇටෝනි බලපත්‍රයක් මගින් එහි කොටසක් පවරා දුන් බවත් ඒ හේතුවෙන් හිමිකාරීත්වය ඇති පවසා නිවසට ඇතුළු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%89%E0%B6%B6%E0%B7%92-%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7-%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94-%E0%B7%80%E0%B7%93-%E0%B6%BA%E0%B7%90%E0%B6%BA%E0%B7%92--%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/1-647709



මෙම ලිපියේ නව යාවත්කාලීන ඉදිරියට...



සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/02/18

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම