මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩත්වය එපා – බුදුන් හිටියානම් ආරක්ෂා කරාවි
සහෝදර රට වැසියන් වන මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු කෙරෙනප්‍රචණ්ඩ ක්‍රියා නතර කරන මෙන් ටිබෙටයේ බෞද්ධ නායක දලයි ලාමා ශ්‍රී ලංකාවේසහ බුරුමයේ බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරති.
උන්වහන්සේ විසින් එම ඉල්ලීම කරනු ලැබුණේ සියහැත්තෑ නව වැනි ජන්ම දිනය නිමිත්තෙන් රැස් ව සිටි දස දහස් ගණනක් ජනතාව අමතා පැවැත් වූ දේශනයක දී. දලයි ලාමා, එම ජනතාව අමතමින් බෞද්ධ ප්‍රජාව බහුතරය වන රටවලින් බැගෑපත්ව ඉල්ලා සිටියේ ඉහත කී ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් වළකින ලෙසයි.
“එවැනි සාපරාධී ක්‍රියාවක් දෙසට යොමු වීමට පෙරබුදුන්ගේ රුව සිහියට නගා ගන්නා මෙන් මම බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටිනවා. බුදුහාමුදුරුවෝ අපට ඉගැන්නුවේ ආදරය සහ කරුණාවයි. බෞද්ධයන් විසින් මේ වගේ පහරඑල්ල කරනු ලබන තැනක බුදු හාමුදුරුවෝ වැඩ හිටිය නම් උන්වහන්සේ පීඩාවට පත්මුස්ලිම් ජනතාව ආරක්ෂා කරනවා ඇති” දලයි ලාමා ප්‍රකාශ කළහ.
බුදු හාමුදුරුවෝ වැඩ හිටියා නම්
පසු ගිය මාසයේ අලුත්ගම සහ බේරුවල පලාත්වලඅන්තවාදීන්ගේ ගැටුම් වලදී මුස්ලිම් ජාතිකයන් හතර දෙනකු මරා දැමුණ අතර විශාලදේපොළ විනාශයක් ද වාර්තා විය.
අලුත්ගම සහ බේරුවල ගැටුම් ආරම්භයේ දී බොදු බල සේනානම් බෞද්ධ සංවිධානය විසින් එහි පවත්වන ලද රැස්වීමක දී බෞද්ධ හිමිවරුන් පළකළ අදහස් ගැටුම් පැතිර යාමට හේතු වූ බව ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂවලසහ සමාජ ක්‍රියාධරයන්ගේ විග්‍රහය විය.
බුරුමයේ මුස්ලිම් විරෝධී ආගමික ප්‍රචණ්ඩක්‍රියාවලින් පසුගිය කාලය තුළ දෙසීයකට අධික ජීවිත විනාශයක් සහ එක් ලක්ෂපනස් දහසකට අධික ජනකායකට උන්හිටිතැන් අහිමි වීම් ගැන වාර්තා වුණි.
බුරුමයේ සහ ශ්‍රී ලංකාවේ එවැනි ව්‍යසන වලට හේතු වූයේ වර්ධනය වෙමින් පවතින බෞද්ධ ජාතිකවාදයයි.
එවැනි බෞද්ධ අන්තවාදී කණ්ඩායම්වල ප්‍රකාශන වලට එරෙහිව දලයි ලාමා මින් පෙරත් කීපවරක් ම අදහස් පළ කර ඇත.
උපුටා ගැනීම – බීබීසී මාධ්‍යය
තවදුරටත් කියවන්න –
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න