වත්මන් දින දර්ශනය සහ ගුහා වාසීන් විසූ කාලය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


නූතන ජාත්‍යන්තර දින දර්ශනය සහ ඉස්ලාම් දහම යෝජනා කරන මුස්ලීම් සමාජ භාවිතයේ තිබෙන දින දර්ශනය අතර ඇති වෙනස්කම් හා සමානකම් පිලිබදව "නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය" යන ලිපිය තුලින් යහමග අඩවිය තුල දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත.

එහි...

  • ජාත්‍යන්තර දින දර්ශනය - සුර්‍යයාට සාපේක්ෂව පෘථිවියේ චලිතය පදනම් කරගෙන දින, මාස හා වර්ෂ තීන්දු කරන අතර ඒ අනුව වර්ෂයකට දින 365 ක් බවත්,
  • ඉස්ලාමීය දින දර්ශනය - සූර්‍යයාට සාපේක්ෂව පෘථිවිය හා චන්ද්‍රයාගේ චලිතය පදනම් කරගෙන දින, මාස හා වර්ෂ තීන්දු කරන අතර ඒ අනුව වර්ෂයකට දින 354 ක් බවත්,

දීර්ඝ ලෙස කරුණු සහිතව පැහැදිලි කොට ඇත. මේ අනුව ජාත්‍යන්තර දින දර්ශනය සහ ඉස්ලාමීය දින දර්ශනය අතර ඇති වෙනස දින 11 කි. මෙම වෙනස ඉතා විශ්මිත ආකාරයට මීට වසර 1400 කට පෙර අල්කුර්ආනය විස්තර කොට ඇති බව මා මෙහි පැවසුවේ නම් එය ඔබ විශ්වාස කරන්නේද?. එම කාරණය ගණනය කිරීම් සහිතව මෙතැන් සිට විමසා බැලීමට මා අදහස් කරන අතර ඊට ප්‍රථම අල්කුර්ආනය මෙවැනි විශ්මිත කරුණූ ඉදිරිපත් කිරීමේ හේතුවද මෙහි කෙටියෙන් පැහැදිලි කරන්නට කැමැත්තෙමි.

මිනිස් බුද්ධියට ගෝචර නොවන නිදසුනක් ලෙස “අපාය”, “ස්වර්ගය”, “මරණින් පසු විනිශ්චය”, “දේවදූතයන්”... වැනි විෂයන් හා ඒ ආශ්‍රත කරුණු කථා කිරීමේදී බොහෝ විට මිනිස් බුද්ධියට ගෝචර විශ්මිත කාරණයක් ඒහා බද්ධ කොට කථා කිරීම අල්කුර්ආනයේ ස්වභාවයයි. එවැනි එක් අවස්ථාවක් ලෙස “ඈත අතීතයේ ගුහාවක් තුල වසර 309 ක් නිදන ලද තරුණ පිරිසක්” පිලිබදව පවසන අල්කුර්ආනයේ 18-25 වාක්‍යය මෙහි සදහන් කලහැක. (මෙවැනි අල්කුර්ආන් වාක්‍ය අනාවර්ණ කරන “අල්කුර්ආනය දිව්‍ය පුස්තකයක් බවට සාක්ෂි 02” යන ලිපිය තුලින් වැඩිදුර කරුණු කියවීමට පුළුවන.)

ඉහත කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් ඉහතින් සදහන් අල්කුර්ආන් වාක්‍යය වෙත යොමු වූයේ නම්,

ඔවුන් තම ගුහාව තුල වසර 300 ක් හා තවත් වසර 09 ක් රැදී සිටියේ ය.

අල්කුර්ආනය 18-25

ඉහත අල්කුර්ආන් වාක්‍යය කියවන විට (ඉහතින් සදහන්) ඔවුන් වසර 309 ක් ගුහාවක රැදී සිට ඇති බව පැහැදිලි වේ. නමුත් අල්ලාහ් (දෙවි) ඔවුන් ගුහාව තුල රැදී සිටී කාලය වසර තුන්සීය නවයක් (309) යයි නොපවසා වසර තුන්සීයකතුත් (300) තවත් වසර නවයකුත් (9) යනුවෙන් වෙන් කොට පැවසීමේ අවශ්‍යතාවය කුමක්ද?. යන්න බුද්ධිමත්ව විමසා බැලීම අවශ්‍යය. අනික් කාරණය නම්, දිව්‍ය පුස්තකයක අනවශ්‍ය ලෙස කරුණු ඉදිරිපත් කිරීමන් පැවතිය නොහැක. ඒ අනුව බැලුවද සරලව වසර 309 ක් යයි නොපවසා 300 ක් සහ තවත් 9 ක් යැයි ඉහත වාක්‍යයෙන් පැවසීමේ අවශ්‍යතාවය කුමක්ද? යන්න විමසා බැලිය යුතුව ඇත.

ඉහත 18-25 හි අල්කුර්ආනය පවසන කාලය පහත ආකාරයට ගණනය කිරීමක් කර බලමු.

  • වසර 300 යන්න ඉස්ලාමීය දින දර්ශනයට අනුව සැලකූ විට (ඉහතින් සදහන් ආකාරයට) ජාත්‍යන්තර දින දර්ශනයට අනුව සෑම වසරකටම දින 11 ක වෙනසක් පවතින නිසා වසර 300 සදහාම ඇති වන මුළු වෙනස ගණනය කලේනම්,
300 x 11 = දින 3300 
  • පැය 5 යි විනාඩි 48 යන්න දින බවට පරවර්තනය කලේ නම්,

මුලින්ම ඉහත කාලය විනාඩිවලට පරිවර්තනය කරමු

(5 x 60) + 48 = විනාඩි 348

විනාඩි 348 දින බවට පරිවර්තනය කරමු.

348 / 1440 (දිනකට ඇති විනාඩි ගණන)

= 0.241666666666
මෙය ආසන්න වශයෙන්  දින 0.24 කි.
  • ඉහත ගණනය කිරීමට අනුව ජාත්‍යන්තර දින දර්ශනයට අනුව වර්ෂයකට අයත් සැබෑ දින ගණන
365 + 0.24 = 365
  • දැන් ඉස්ලාමීය දින දර්ශනයට අනුව වසර 300 (එනම් දින 3300) ක් යන්න වර්තමාන ජාත්‍යන්තර දින දර්ශනයට අනුව වැඩිවීම ගණනය කලේනම්,
3300 / 365.24 = 9.0351
  • එය ආසන්න වශයෙන් වසර 9 කි.

ඉහත ප්‍රථිපලය සාරාංශ කොට පවසනවා නම්,

“ඔවුන් ගුහාව තුල රැදී සිටී කාලය ඉස්ලාමීය දින දර්ශනයට අනුව වසර 309 ක් වුවද වර්තමාන ජාත්‍යන්තර දින දර්ශනයට අනුව එය වසර 300 කි.”

ඉහත ගණනය කිරීමන් සහ එහි ප්‍රථිපලය මධ්‍යස්ථව හිඳ විමසා බැලුවේ නම්, අල්කුර්ආනය දිව්‍යමය හෙලිදරව්වක් යන්නත්, එය මිනිස් සමාජයට පහල කල අල්ලාහ් (දෙවි) අසම සම ඥානවන්ත බවත්, මෙම දිව්‍ය වදන් මීට වසර 1400 කට පෙර මුහම්මද් (සල්) තුමාණන් මඟින් මිනිස් සමාජයට ප්‍රකාශ වීම මඟින් ඉස්ලාම් විරෝධීන් පවසනවා සේ අල්කුර්ආනය එතුමාණන්ගේ කල්පිතයක් නොවන බවත් මනාව පැහැදිලි වනවා යන්න ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම සටහනට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/18

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම