ලොව විශාලතම සිර කඳවුරට ඔබේ දායකත්වය – පලස්තීනය පිලිබදව විමසුමක්.

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මෙහි ඉදිරිපත් කොට ඇති පිංතූර දෙස විමසිලිමත්ව බලන්න. එහි ඇති වෙළද භාණ්ඩ මොහොතක් හොදින් නිරීක්ෂණය කරන්න. ඒ තුල ඔබ ප්‍රිය කරන කෑම, බීම, සුවඳ විලවුන්, ඇදුම්, උපකරණ… කොතරම් නම් තිබෙනවාද?. ඒ අතුරින් කීයෙන් කීයක් ඔබේ දෛනික දිවිය තුල අත්‍යඅවශ්‍ය භාණ්ඩ වී තිබෙනවාද?. එය ඔබේ ජීවිතයට කොතරම් බැදී පවතිනවාද?. කොකා-කෝලා, ස්ප්‍රයිට්, සෙවනප් හා KFC නොමැති කෑමවේලක් සිතාගන්නට බැරි පිරිස් අප අතර කීදෙනාද? මැඟි, මයිලෝ, කිට්කැට් නැතුව දරුවන් හුරතල් කරන්න බැරි දෙමාපියන් ද අප අතර කොතරම්ද?. නෙස්ප්‍රේ, නෙස්කැ‍ෆේ හා මිල්ක්මේඩ් නොමැතිව තේ වීදුරුවක් රස බලන්න අකැමැති පිරිස් ද අප අතර කොතරම්ද?. සීකේ, බෝස් වැනි වර්ගයේ ඇදුම්වලින් තොර වෙනත් ඇදුමක් ගැන සිතාගන්නට බැරි පිරිස් ද අප අතර නැතුවාද?. මේ සියල්ලටම වඩා ජංගම දුරකථනයක් නම් එය ‘(NOKIA) නොකියා පමණයි’ යයි සිතන පිරිස් අප අතර කොතරම්ද?. එපමණක් ද intel හා IBM වලින් තොර පරිගණකයක් අපට තවම සිතාගන්නට හැකි වී තිබේද?. ඒ සියල්ලෙන් මිදුනත් අපගේ පරිගණකවලින් Windows ට සමුදෙන්න හැකි වී තිබෙන්නේ කීයෙන් කීදෙනාටද?. එසේ නම් මෙහි ඇති නිෂ්පාදන ඔබගේ මගේ දෛනික දිවිය තුල අත්‍යඅවශ්‍ය අංගයන් හා අවස්ථාවන් යයි සිතන තරමට එය අපට සමීපවෙලා, එයට අපි ඇබ්බැහි වෙලා නොවේද?. එසේනම්, එම කාරණය මතකයේ රදවාගෙන දැන් මාතෘකාව වෙත යොමු වෙමු.

මුලින්ම කිවයුතු කාරණය වන්නේ මෙම ලිපියෙහි මාතෘකාව හා මෙතෙක් සාකච්චා කල කරුණු අතර කිසිදු ආකාරයක ගැලපීමක් නැතැයි ඔබට දැන් සිතෙන්නේ නම් එහි වරදක් නැත. නමුත් මේ ලිපිය ඉදිරියට කියවීමෙන් පසුත් ඔබට එසේ සිතේ නම්, ස්ථීර වශයෙන්ම කොතනක හෝ වරදක් ඇත. එම කාරණය ද මතකයේ තබාගෙන ලොව විශාලතම සිර කඳවුර පිලිබදව මෙතැන් සිට කරුණු විමසා බලමු.

එම සිර කඳවුරේ මූලික තොරතුරු ප්‍රථමයෙන් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නේ නම්,

  •  එය වර්ග කිලෝමීටර් 360 ක් (එනම් දිග පලල කිලෝමීටර් 40 x 9) පමණ විශාල භූමියකි.
  •  එහි වෙසෙන ජනගහනය 1,710,257 (2012 සංඝනනයට අනුව) එනම් ආසන්න වශයෙන් ලක්ෂ 20 ක්.
  •  එහි දරුවන් සදහා කිසිදු අධ්‍යාපන වැඩ සටහනක් ක්‍රියාත්මක නොවන අතර කුඩා දරුවන් පවා කම්කරු රුකියාවේ නිරත වෙති.
  •  එම ජනතාවගේ මූලික අයිතිය හා අවශ්‍යතාවය වන පිරිසිදු ජලය ඔවුනට ලැබෙන්නේ නැත. ඔවුන් පානය කරන ජලය අපිරිසිදු ජලය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ම තහවුරු කොට ඇත.
  •  ඔවුන්ට අවශ්‍ය ආහාර අවශ්‍යතාවය සපයා ගැනීමට අපොහොසත් ඔවුන් බාහිරින් ලැබෙන ආධාර මත යැපෙති.
  •  එහි වෙසෙන ජනතාවගේ මූලික අයිතියක් වන නිසි වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් ලැබෙන්නේ ද නැත.
  •  ඔවුනට සෘජුවම උපකාර කිරීමට කිසිදු ආයතනයකට හෝ රටකට අවස්ථාව ලබාදී ද නැත.
  •  ඒ අනුව එම ජනතාව ලෝකය තුල හුදෙකලා වී ජීවත් වන ජනතාවක් වෙති.
  •  එම ජනතාවගේ දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 360ක් වුවත් ඔවුනට නිෂ්පාදනය කරගැනීමට හැකි වී ඇත්තේ මෙගාවොට් 80ක් පමණි. එය ද බාහිරින් ඩීසල් ආධාර වශයෙන් ලැබුණොත් පමණි. මේ හේතුව නිසා එම භූමිය තුල දෛනිකව පැය 12 ක විදුලි කප්පාදුවක් සිදු කරති.
  •  මෙහි වෙසෙන ජනතාවට අහස හෝ මුහුදු මාර්ගය උපයෝගි කරගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇත.
  •  මෙම කඳවුරේ වෙසෙන ජනතාවගෙන් 99.3% සුන්නි මුස්ලීම්වරුන් වෙති.

ඉහතින් කරුණු දැක්වූ ඒ සිර කඳවුර පිලිබදව ඔබට දළ අවබෝධයක් දැන් ඇතිවී තිබිය යුතුය. ඒ අන්කිසිවක් නොව ඔබ තීරයක්, නගරයක්, ප්‍රාන්තයක් නොඑසේ නම් රටක් ලෙස පවසන තම උපන් බිමෙහිම සිරකරුවන් වී අවම අවශ්‍යතාවයන් පවා සපුරාගත නොහැකිව කුඩා තීරයකට ගොනු වී ජීවත් වන ‘ගාසා’ වැසියන්ය. එම භූමි භාගය සිර කඳවුරක් යයි පවසනවාට වඩා සුදුසු වචනයක් සිතාගත නොහැක. ඒ ගාසා තීරය පිලිබදවයි මේ කථා කරන්නේ. දැන් ඔබට කුතුහලයක් මතුවන්නට පුළුවනි. හරි, ගාසා තීරය හා ඉහත නිෂ්පාදන අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? යන්නයි. ඔව් !, දැන් ඒ පිලිබදව විමසා බලමු. ඊට ප්‍රථම ඉහතින් පෙලගසා ඇති රූපයෙන් ඉදිරිපත් කොට ඇති නිෂ්පාදනවලට අමතරව පහතින් ඉදිරිපත් කොට ඇති නිෂ්පාදන පෙලෙගැසීම ද හොදින් නිරීක්ෂණය කරන්න.

මේ ඉහතින් ඔබ දකින්නේ පලස්තීනය නම් වර්ග කිලෝමීටර 20690 ක් තරම් විශාල භූමියක් ආක්‍රමණය කොට එහි විසූ ජනතාව වර්ග කිලෝමීටර් 360 ක් තරම් කුඩා තීරයකට ගොනු කොට තබා ඉතිරි භූමිය වන වර්ගකිලෝමීටර් 20330 තුල ඊශ්‍රායලය ලෙසින් රටක් පිහිටුවාගත් යුදෙව්වරුන්ගේ නිෂ්පාදන පෙලගැසීමයි. ඊශ්‍රායිලය ආර්ථිකමය වශයෙන් ඉතා ශක්තිමත් ප්‍රබල රටක්. ලොව විශාලතම ව්‍යාපාරයන් සෑම එකක්ම පාහේ තිබෙන්නේ යුදෙව්වරුන් අතය. විශේෂයෙන් ඊශ්‍රායිල ව්‍යාපාරිකයන් සතු වෙළද භාණ්ඩ විදේශ රටවල අලෙවි කිරීම මඟින් ඔවුන් විශාල ආදායමක් උපයයි. ඒ තුලින් ඊශ්‍රායිල රජය ද විශාල බදු ආදායමක් උපයයි. ඊශ්‍රායිලය ඉතා සූක්ෂම අන්දමින් වෙළද පොල නතු කරගන්නා බූවල්ලකු යයි පැවසුවේ නම් එහි වරදක් නැත. ඔවුන්ගේ නිෂ්පාදන ලොවපුරා ජනතාව අත්‍යඅවශ්‍ය භාණ්ඩ ලෙස පරිභෝජනය කරන්න තරම් ඔවුන් පාරිභෝගිකයන් දිනාගෙන ඇත. සරල නිදසුනක් ලෙස ඊශ්‍රායිල් නිෂ්පාදිත බීම වර්ගයක් වන කොකා-කෝලා ලීටරයක මිල හා පැට්‍ර්ල් ලීටරයක මිල සංසන්ධනාත්මකව බලන්න. අත්‍යඅවශ්‍ය භාණ්ඩය කුමක්ද? මිල හි වෙනස කුමක්ද? යන්න වටහාගත හැක. මෙවැනි පසුබිමක ඊශ්‍රායිල් නිෂ්පාදිත භාණ්ඩ අප භාවිතා කිරීම තුල ඊශ්‍රායල රජයට ලැබෙන බඳු ආදායම ද දිනෙන් දින වර්ධනය වනවා යන්න ඔබ හොදින් දන්නා කාරණයකි. ඊශ්‍රායිල් රජය සැලකූවිට ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය අවි නිෂ්පාදනයයි. ඒ අනුව රජ‍යේ ආදායම වැඩිවීම තුල එම මුදල් වැඩිපුරම ඔවුන් යොදවන්නේ යුධ කටයුතු සදහාය. 2012 වර්ෂයේ පමණක් ඊශ්‍රායලය රජය මේ සදහා වෙන්කල මුදල ඩොලර් බිලියන 16 කි. එපමණ ද නොවේ ලොව ප්‍රබලතම හමුදාවන් 10 තුල ඊශ්‍රායල හමුදාවද එකකි. ඔවුන්ගේ යුධ ශක්තිය පිලිබදව මෙහි කෙටි කරුණු දැක්වීමක් කරන්නේ නම්,

  • ඔවුන් සතු යුධ සෙබළුන් ගණන – 187000 යි,
  • ඔවුන් සතු යුධ ටැංකි ගණන – 3230 යි,
  • ඔවුන් සතු යුධ යානා ගණන – 1964 යි,
  • ඔවුන් සතු යුධ නවුකා ගණන – 64 යි,

එසේනම්, මා ඉහතින් ඉදිරිපත් කල නිෂ්පාදන අතුරින් එකක් හෝ කිහිපයක් දෛනිකව භාවිතා කිරීම තුලින් ඔබ ඊශ්‍රායලයට දිනාදුන් ජයග්‍රහණ හා එයට ලබාදුන් දායකත්වයන් රාශියකි. එවැනි කිහිපයක් ඔබේ විමසුමට පෙලගසන්නේ නම්,

  • පලස්තීන මූස්ලීම් ජනතාව තම උපන් බිම තුලම ගාසා නම් කුඩා බිම් තීරයකට කොටු කරන්න ඔබ දායකත්වය ලබා දී ඇත.
  • ලොව දරුණුතම යුධ හමුදාව බිහි කිරීමට ඔබ ද සතයකින් හෝ ඊශ්‍රායිලයට දායක වී ඇත.
  • ඊශ්‍රායිලය විසින් මේ දක්වා ඝාතනය කල පලස්තීන මුස්ලීම් දරුවන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ඔබේ දායකත්වයක් ඇත.
  • පලස්තීන ජනතාවගේ මූලික අයිතීන් පවා උදුරාගන්න තරම් ආර්ථික ධෛර්‍යයක් ඊශ්‍රායිලයට ලබාදීම සම්බන්ධයෙන් ඔබේ මැදිහත්වීම ද ඇත.

මේ ආකාරයට පලස්තීනයට වර්ථමාන අවාසනාවන්ත තත්වයක් උදාකිරීම සම්බන්ධයෙන් ලොවපුරා බොහෝ ජනතාව විශේෂයෙන් මුස්ලීම් ජනතාව දැන හෝ නොදැන දායකත්වයක් ලබා දී ඇත. එය කවුරුන් කුමණ අයුරින් ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කලත් තිත්ත වූ ඇත්තක්. දැන් ඇති ගැටළුව මේ දායකත්වය අප තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙනයනවාද? නොඑසේ නම් දැන්වත් ඒවායින් හැකිතාක් දුරකට මිදෙනවාද? යන්නයි. එය තීන්දු කිරීම බුද්ධිමත් ඔබට භාර කරමින් තවදුරටත් ඔබේ බුද්ධිය අවධි කරනු වස් පසුගිය දිනක යුදෙව් දහම අතහැර ඉස්ලාම් දහම වැලදගත් බ්‍රිතාන්‍ය ජාතික පත්තර වාර්තාකාරිණියක් මෙන්ම අෆ්ගනිස්තානයේ තලයිබාන්වරුන්ගේ අත්අඩංගු වේ සිට නිදහස් වූ ‘යුවාන් රිඩ්ලි’ (Yvonne Ridley) තුමියගේ සංවේදී ප්‍රකාශයක් ඔබේ විමසුමට මෙහි තබන්නට අදහස් කරමි. එනම්,

‘ඔබ කොකා-කෝලා (coca-cola) පානය කරනවාද ! එය ඔබ පලස්තීන දරුවන්ගේ ලේ පානය කරනවාට සමාන නොවේද? ’

එතුමියගේ එවැනි ප්‍රකාශයන් හි වීඩියෝ දර්ශන පහතින් නරඹන්න

(තවදුරටත් ඇය විසින් කරන එවැනි අදහස් දැක්වීමන් මෙම ලිපිය අවසාන‍යේ ඉදිරිපත් කොට ඇති වෙබ් ලිපිය තුලින් කියවන්න.)

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ උපතින් මුස්ලීම් වූ, පාරම්පරිකව මුස්ලීම් වූ අපි අපේ හඳවතට අත තියා විමසා ගතයුතු යුතු පැනයන් රාශියක් ඇත. ඉස්ලාම් දහම වැලදගත් ඇයට පලස්තීන ජනතාව ගැන තිබෙන උනන්දුව, හැඟීම ඔතරම් නම්, අපට එය කොතරම් වියයුතුද?. කොකා-කෝලා මුස්ලීම්වරුන්ට භාවිතයට නුසුදුසු බවටත්, එහි ඇල්කොහොල් අන්තර්ගත බවටත් කොතරම් කරුණු දක්වා තිබෙන්නෙමුද?. එපමණක් නොව මේ මුදල් මුස්ලීම් සහෝදරයන්ගේ විනාශයට යෙදවෙන බව අප කොතරම් පැහැදිලි කර ඇත්තෙමුද?. දැන්වත් අප ‘යුවාන් රිඩ්ලි’ (Yvonne Ridley) තුමියගෙන් හෝ පාඩමක් උගතයුතු නොවේද?. කොකා- කෝලා පමණක් නොව ඊශ්‍රායිල සියළු නිෂ්පාදන භාණ්ඩ ප්‍රතික්ෂේප කරන තැනට අප කටයුතු කලයුතු නොවේද?. එය අත්‍යඅවශ්‍ය බව ඉස්ලාමීය විද්වතුන් රාශියක්ම ආගමික තීන්දු ලබාදී ඇති බව ඔබ දන්නවාද?. ඉන්ෂාඅල්ලාහ්, මෙවැනි තවත් ලිපියකින් ඒ කාරණය පිලිබදව ද විමසා බැලීමේ පොරොන්දුවෙන් මෙම ලිපියට විරාමය තබමි.

පලස්තීනය පිලිබදව මෙම අඩවිය තුල සාකච්චා කල තවත් ලිපි කිහිපයක් නැවත ඔබේ විමසුමට…


යුවාන් රිඩ්ලි’ (Yvonne Ridley) තුමියගේ අදහස් දැක්වීම (මෙහි click කොට සම්පූර්ණ ලිපිය කියවන්න)

(උපුටා ගැනීම මෙතැන් සිට...)


“drinking coca-cola is like drinking the blood of Palestinian children”

“if you shop in Marks & Spencer you may as well hand bullets to Israeli soldiers to put in the back of Palestinian school girls- Stop it now”- http://www.youtube.com/watch?v=na5KLaj7LRg

“the light on his face, it wasn’t a light shining onto his face, it was a light coming from within shining out”- talking about one of her Taliban captors

She described Israel as “that disgusting little watchdog of America that is festering in the Middle East” and further that her party, the Respect Party, “is a Zionist-free party … if there was any Zionism in the Respect Party they would be hunted down and kicked out. We have no time for Zionists,” while both the Conservatives and Liberal Democrats were “riddled with Zionists.”

“Why don’t we start rooting out the religious extremists and start with number 10 Downing Street and The White House”

“Stay away from us [to Tony Blair], stay away from our children and stay away from our areas”- Promotes the impression that Muslim’s should be distinct from Non-Muslim’s http://www.youtube.com/watch?v=f1Be-i4cotc

“We can not rely on the Muslim leaders who have castrated themselves in order to gain the support of the government”

“Stop kissing the hand that slaps you, if we don’t stand up together and fight for our rights we will be picked off ruthlessly one by one”

“I don’t think the Muslim community should communicate with the police any more until they start showing some respect to the community”- http://www.independent.co.uk/news/uk/politics/respect-urges-muslims-to-end-police-cooperation-481413.html

“I’m quite a fan of Mahmoud Ahmadinejad who is adored by the common man and woman in Iran. Anyone who vows to narrow the gap between rich and poor can’t be all that bad… unless you’re one of the rich!”


(උපුටා ගැනීම අවසන්)

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම